#3- Python Programming සිංහලෙන් | මූලික ගණිත කර්ම භාවිතය

මේ ලියන්න හදන්නෙ Python වල මූලික ගණිත කර්ම භාවිතය ගැන. කලින් අපි ලියපු Post කියවලා නැත්තම් මෙන්න මේ Link එකෙන් ගිහින් ඒව කියවලා එන්න. (Click Here)

මෙතනින් අපි කතා කරන්නෙ  කොහොමද Python Programming කරන කොට අපි සාමාන්‍යයෙන් යොදා ගන්න ගණිත කර්ම භාවිතා කරන්නෙ කියල. මොකද ඉස්සරහට Programme ලියද්දි අපිට ගණන් වලින් නොයෙකුත් දේවල් කරන්න වෙනවා.  ඒක නිසා මෙතන්දි අපි කතා කරන්නෙ සාමාන්‍ය වශයෙන් අපි භාවිතා කරන මුලික ගණිත කර්ම විතරයි.

එකතු කිරීම

 

Python Shell එක Open කරගෙන ඒකෙ අපිට එකතු කරන්න ඕන සංඛ්‍යා ඉහත පරිදි ගහල Enter කළාම පිළිතුර නිල් පාටින් output වෙනවා.

අඩු කිරීම

කලින් වගේම තමයි. Shell එකේ අවශ්‍ය ලෙස අඩුකිරිම දුන්නම ඉහත පරිදි පිළිතුරු Output වෙනවා.

 

සංඛ්‍යා බෙදීම

මෙන්න මේ Sign එක “/” තමයි සංඛ්‍යා බෙදිමෙදි භාවිතා කරන්නෙ.

 

මෙතන්දී ඔයාලට පේනවා ඇති හැම වෙලේම Output එක දෙන්නෙ දශම සංඛ්‍යාවක් විදිහට.

හැබැයි අපිට මේ දශම සංඛ්‍යාවක් නොඑන සේ බෙදා ගන්න ඕනි නම් අපි මේ sign “//” use කරනවා. මේකට අපි කියන්නෙ Integer Division කියලා.

මෙතනදි ඔයාලට පේනව ඇති හරියට පූර්ණ වශයෙන් නොබෙදෙන සංඛ්‍යාවක් වුවත් පෙන්නන්නේ Integer Division එකක් විදිහට. ඒ කියනේ ඉතිරි දශම ගාණ පෙන්නන්නෙ නැහැ. උදාහරණයක් විදිහට 34 පහෙන් බෙදපුවාම උත්තරය එන්න ඕනි 6.8  හැබැයි පිළිතුර වශයෙන් එන්නෙ 6 විතරයි.

 

ඉතිරි වන අගය (Module)

අපි දහය තුනෙන් බෙදුවොත් උත්තරය ලැබෙන්නෙ 3.3333333.. වගේ. හැබැයි හය තුනෙන් බෙදුවොත්  කීයක් ඉතිරි වන වාද යන්න සෙවිමට අපි භාවිතා කරන්නෙ මෙන්න “%” Sign එක. 10%3 පිලිතුර වශයෙන් ලැබෙන්න ඕනි 1.

 

 

බලය සෙවීම

සංඛ්‍යාවක බලය සෙවීමට අවශ්‍ය වූ විට අපි භාවිතා කරන්නෙ මෙන්න මේ “**” Sign එක.

 

ගුණ කිරීම

සංඛ්‍යා ගුණ කිරීමට භාවිතා කරන්නෙ “*” Sign එක.

 

 

ඔන්න එහෙනම් මූලික ගණිත කර්ම ගැන ඉවරයි. ඉස්සරහට මේ ගණිත කර්ම ගැන තව ටිකක් Advance කරල කතා කරමු.  අපේ FB පේජ් එකට Like කරන්නත් Share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ අලුත් Forum එකේ register වෙලා ඔයලගෙ අධ්‍යාපනික ගැටලු හා ඔයාල දන්න දේවල් share කරගන්න කියලත් මතක් කරනවා. මොකක් හරි ගැටලුවක් තියනවන්ම් හෝ අදසක් තියනවන්ම් Comment පාරකුත් දාන්න. python #4 වලින් හමු වෙමු.

Please follow and like us:

Releated Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *