Alibaba සමාගමේ නිර්මාතෘ චීනයේ ධනවත්ම පුද්ගලයාගේ ජිවිත කතාව. | Jack Ma

කලින් ලියපු Aliexpress ගැන Post එකෙදි මං කිව්වා මේ Aliexpress ගොඩනැගුනු විදිහ ගැන ලස්සන කතාවක් තියෙනවා කියල.  අන්න ඒ කතාව කියන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ.

මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි Jack Ma. මොහු දැනට චීනයේ සිටින ධනවත් ම පුද්ගලයා කිව්වොත් නිවැරදි.   මොහු තමයි Alibaba සමුහ ව්‍යාපාරයේ නිර්මාතෘ හා වර්තමානයේ එම සමුහ ව්‍යාපාරයේ සභාපතිවරයා ( Chairman ) වශයෙන් කටයුතු කරන්නෙ. ඒ වගේම Alipay කියන අන්තර්ජාල ගෙවීම ක්‍රමය ඇතුළුව තවත් මෙම සමුහ ව්‍යාපාරය යටතේ හොඩ නැගුනු ව්‍යාපාර කිහිපයක් ම මොහු සතුයි.  වර්තමානයේ අති දැවැන්තම විද්‍යුත් ව්‍යාපරය Alibaba Group කිව්වොත් නිවැරදි.

හොදයි දැන් බලමු කොහොමද මේ ව්‍යාපරය ගොඩ නැගුනෙ කියල.

Jack Ma ඉපදුනේ 1984 ඔක්තෝබර් 15 දින චීනයේ ගිණිකොණට වෙන්නට ඇති Hangzhou කියන ප්‍රදේශයේ.  මොහුට සහෝදරයෙක් හා සහෝදරියක් හිටියා.  මේ Jack Ma ට තරම් සල්ලි තිබුනේ නැහැ. 1972 වර්ෂයේ ඇමරිකානු ජනාධිපතිවරයා වන Richard Nixon මේ Jack Ma ඉපදුනු Hangzhou ගමට සංචාරයක් සදහා පැමිණියා. ඉන් පසුව මේ Jack Ma විසූ ගම්මානය සංචාරක කලාපයක් බවට පත් වී සංචාරකයින් ක්‍රමයෙන් ඇදී එන්න පටන් ගත්තා.

Jack Ma කුඩා කළ සිටම ඉංග්‍රීසි විෂයට ප්‍රිය කළා. එම නිසා ඔහු සතුව ඉංග්‍රීසි දැනුම තිබුනා. එම නිසා මොහු තමා සතු ඉංග්‍රීසි දැනුම උපයෝගි කරගෙන තම නගරයට එන සංචාරකයන්ට මග පෙන්වා මුදල් උපයන්න පටන් ගත්තා. චීනයේ මුදල් හා සම්බන්ධතාවයන් නොමැතිව ඉදිරියට යාමට හැකි වූ එකම මාර්ගය වූයේ අධ්‍යාපනයයි. තම පාසල් ජිවිතයට සමුදුන් මොහු වැඩි දුර අධ්‍යාපනය සදහා අයදුම් කළා. එය තොරා ගැනුනේ කඩයිම් විභාගයකිනි. මේ විභාගය දෙවරක් අසමත් වන මොහු උත්සහය අත නොහැර තුන් වන අවස්ථාවේ සමත් වී විද්‍යාලයට ඇතුලත්ව සාර්ථකව ඉංග්‍රීසි උපාධිය නිම කරනු ලැබුවා. මීට පෙර Jack Ma Harvard විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලවක් හැදැරීම සදහා 10 වතාවක් අයදුම් කළ අතර එය 10 වතාවෙම ප්‍රතික්ෂේප වුණා

පසුව මොහු රැකියාවන් සදහා ඉල්ලුම් කරනු ලැබුවා. Jack Ma ඉල්ලුම් කළ රැකියා හැම එකක්ම එක දිගට මොහුව ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මේ අතර KFC ව්‍යාපාරයේ රැකියාවක් සදහා ද ඉල්ලුම් කළා. එයට ඉල්ලුම් කළ 24 දෙනාගෙන් 23 දෙනෙකු තෙරි පත් වුනු අතර සුදුසුකම් නොලැබූ වේ Jack Ma පමණි. මොහු පසුව තමා උපාධිය හැදෑරු විද්‍යාලයේම ගුරුවරයකු වශයෙන් Doller 12 සේවය කරනු ලැබුවා.

කොහොම කොහොම හරි Jack Ma පොලීස් සේවයට බැදීමට ගිය උත්සහයද අසාර්ථක වුනා.  මේ අතර 1995 වර්ෂයේ Jack Ma ට ඇමරිකාව බලා යාමට අවස්ථාවක් උදා වුනා.ඇමරිකාවේ දී Jack Ma ට ප්‍රථම වතාවට පරිගණකයක් හා අන්තර්ජාලය පරිශීලනය කරන්න අවස්ථාව උදාවෙනවා. මේ කාලය වන විට චීනයේ පරිගණක භාවිතය ඉතාමත් අඩු මට්ටමක තමයි පැවතුනේ.  තම ජීවිතයේ පළමු වතාවට අන්තර්ජාලය පරිශිලනය කරන්න අවස්ථාව උදා වූ Jack Ma පළමුවෙන් ම Search කළේ  Beer (බියර්) කියන වචනයි. මේ බියර් කියන වචනයට අදාලව ලොව නන් දෙසින් විවිධ තොරතුරු දර්ශනය වු අතර චිනය තුලින් තොරතුරක් නැත්තම් චින beer ගැන තොරතුරක් ඔහුට හොයා ගන්න බැරි උනා.

දෙවනුවට මොහු Search කළේ China කියල. නමුත් කිසිදු Result එකක් ඔහුට දැක ගැනීමට නොහැකි වුනා.  Jack Ma තම ජීවිතයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් ඔහු තීරණය කළා අන්තර්ජාලය හා සම්බන්ධ සමාගමක් චිනයේ ඇති කරන්න. ඔහු තිරණය කළා විද්‍යුත් වෙළදපොළක් චිනය තුල ඇති කරන්න. තම මිතුරන් 17 දෙනෙකු සමඟ එක්ව මුදල් ආයෝජනය කර Jack Ma Alibaba නමින් තම ව්‍යාපාරය ආරම්භ කළා. Jack Ma පවසන ආකාරයට පළමු අවුරුදු කිහිපය තුල මෙම සමාගම කිසිදු ආදායමක් ලබා නැහැ. නමුත් ලොව වටා සිටින පාරිභෝගිකයන් ඔවුනට මේ පිළිබදව ස්තූතිය හා ප්‍රශංසා කළ පණිවිඩ එවා තිබු නිසා ඔවුන් දිගටම මෙම සමාගම ඉදිරියට පවත්වා ගෙන ගියා.

කෙමින් කෙමෙන් ලාභ ලැබිම ආරම්භ වුනා. මේ අතර Jack Ma Ebay සමහ තරග කළ හැකි වන පරිදි Taobao නමින් තවත් ආයතනයක් ආරම්භ කළා. මේ අතර එන්න එන්නම Alibaba ක්‍රමයෙන් දියුණු වෙන්න ගත්තා. 2005 වර්ෂයේදී Yahoo සමාගම විසින් Alibaba සමාගමේ 40% කොටස් සදහා Doller බිලියනයක් ආයෝජන කළා.

2013 වර්ෂයේ Alibaba සමාගමේ ප්‍රධාන විධායක නිලදාරි තනතුරෙන් ඉවත් වූ මොහු එහි විධායක සභාපති වරයා වශයෙන් කටයුතු කරනු ලැබුවා.  මේ අතර Jack Ma මාධ්‍යට අදහස් දක්වමින් පවසා තිබුනේ අපි ඉපයුයේ සල්ලි නෙවෙයි.  මිනිසුන්ගේ විශ්වාසය බවයි. මේ අටර New York කොටස් වෙළදපොල උඩි යටිකුරු කරමින් ඉතිහාසය වෙන්ස් කරමින් Alibaba සමාගම Doller බිලියන 150 වත්ක්ම් ඇති සමාගමක් ලෙස ලැයිස්තුවේ අංක එකට පැමිණියා. ඒ සමගම Jack Ma චිනයේ ධනවතා බවට පත් වෙනවා.

මෙන්න මේක තමයි මේ අපුරු මිනිසාගේ ජීවිත කතාව. මේ කතාවෙන් දෙයක් ඉගෙන ගන්න. තමන් විවිධ තැන් වලදි නොයෙකුත් විදිහට වැටෙයි.අපොහොසත් වෙයි. අන්න ඒ වැටිම හා අපොහොසත් වීම තමයි තමාව ලෝකයේ ඉහළ තැනකට ඔසවා තබන්නෙ. Jack Ma 30 වතාවකට අධික සැරයක් රැකියා වලින් ප්‍රතික්ෂේප වෙනවා. හැබැයි ඔහු නැවතුනේ වර්තමානය වනවිට ලොවක් හදුනන චිනයේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙමිණි.

ඔන්න Jack Ma ගේ කතාව ඉවරයි. අපේ Facebook Page එකට like කරන්න කියලත් ඉල්ලනවා. ඒත් එක්කම අපේ Geek Forum එක ඒ කියන්නෙ www.sltopgeek.com එකේ Register වෙන්න කියලත් ආරාධනා කරනවා. නැවත හමු වෙමු.

Please follow and like us:

Releated Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *