Fiverr සිංහලෙන් – 01 සල්ලි හොයමු ලෙසටම ටක් ටික් ගාල | Learn Fiverr in Sinhala – 01

මොකද්ද මේ Fiverr කියල කියන්නෙ?

අද ඉදන් අපි මේ කතා කරන්න ලෑස්ති වෙන්නෙ කොහොමද සාර්ථකව Fiverr වලින් මුදල් උපයන්නේ කියලා.

“Fiverr” කියල අපි කටින් කියද්දිම අපට එනවා පහක්/ රු.5ක් වගේ අදහසක්. ඔව් මේක ඇත්තටම Doller 5 න් ගනුදෙනු ආරම්භ වෙන වෙලදපොලක් .  ඇත්තටම මේක අන්තර්ජාලය තුල තියන ඉතා ජනප්‍රිය වෙළඳපොලක්.  සේවා අලෙවි කරන්නන් මෙන්න සේවා ගැනුම්කරුවන් ද මේකෙ ඉන්නවා. මේකෙ අපිට කිසි වෙලාවක භෞතික දේවල් අලෙවි කරන්න බැහැ.  සේවා තමයි විකුණන්න පුළුවන්.

ඇත්තටම මොනාද මේකෙ අලෙවි කරන්න් පුළුවන්. මං උදාහරණ ටිකක් යටින් දාන්නම්.

  • Graphic Designing
  • Programming
  • Web development Services
  • Photo Editing

ඔය දැම්මේ ටිකක් popular දේවල් ටිකක් විතරයි. ඔයාට Programming Graphic Designing වගේ පුලුවන් නම් ඇත්තටම ඔයා ලක්ෂපතියෙක්.මං මේ ලියන post එකේ සමහර හොර වැඩ වගේම කපටි Tips & Tricks එහෙම දානවා. හැදෙයක්ම කියවල කරන්න.  බය වෙන්න එපා. ඒ වගේම කියන්න ඕන මේ වැඩේ කරන්න සාමන්‍ය English දැනුමක් තිබ්බම හොදටම ඇති.  ඒ English දැනුමත් ඕන වෙන්නෙ Buyer කෙනෙක් Message එකක් දැම්මම එයාට තෙරුම් ගන්න පුලුවන් විදිහට reply එකක් දාගන්න විතරයි. ඒකටත් සුපිරිම English ඕන වෙන්නෙම නැහැ. තේරුම් ගන්න පුලුවන් විදිහට කොටල යවන එක තමයි කරන්න තියෙන්නෙ.

ඒ වගේම ඔයාල අහල ඇති Odesk, Freelancer වගේ Site ගැන. ඒවත් හොදයි. නරක නැහැ. හබැයි Fiverr  ටිකක් සරලයි. ඒ වගේම ආරම්භ කරන්නත් ලේසි. මට කියන්න තියෙන්නෙ මේ post කියවන හැමෝම බය නැතුව වැඩේ පටන් ගන්න.

හරි දැන් බලමු Fiverr එක ගැන Fiverr Selling ආරම්භ වන්නේ USD 5 කින්.  හරියට ලංකාවේ මුදලින් Rs. 775 වගේ.(USD 1= Rs.155/=). පාඩු උනොත් ඒත් Rs. 775 යි.  අනිත් Site වල ටිකක් ලොකු ගණන් වලට තමයි ගනුදෙනු යන්නේ.  ඉතින් අපිට ලොකු අවදානමක් ගන්නත් බැහැනේ.  ඒක නිසා පුරුදු වෙන්න Fiverr වලින් වැඩේ පටන් ගමු කියල තමයි මගේ අදහස. ඒවගෙම සමහර යට හිතන්න පුලුවන් අපෝ USD 5 ක් කියන්නේ පොඩි ගනක්නෙ මේක වැඩක් නැහැ කියල. ඕක ඉතින් සමහර අය හිතන විදිහනේ.

 

හුගක් Buyers ලා අපේ Gig එක (Gig එක කියන්නේ මොකද්ද කියල ඉස්සරහට කියල දෙන්නම්.) දැක්ක ගමන් Order එකක් දාන්නේ නැහැ.  අනිවාර්යෙන් ඔයාව Contact කරනවා. බය වෙන්න එපා මෙයාල ඔයාලගෙ Phone එකට කතා හෝ Message කරන්නේ නැහැ. Fiverr Web එක හරහා තමයි Contact කරන්නෙ Messages විදිහට. මේ විදිහට එයාල ඔයාව Contact කරල අවශ්‍යතාවය කියයි. ඒක ඔයාට USD 5 කරන්න බැරිනම් ඔයා එයාට ගනක් කියන්න. ඒ Buyer ඔයා කිව්ව ගානට OK නම් ඔයාට පුලුවන් එතනින්ම Custom Offer එකක් යවන්න ඕන ගානකට. Custom Offer කියන්නෙත් මොනවාද කියල ඉස්සරහට කතා කරමු.

දැන් මේක කියවගෙන එද්දි සමහර අය හිතනවා ඇති USD 5  ක් වැඩක් නෑ. මං පටන් ගන්නවා Freelancer කියල. මං කියන්නේ පටන් ගන්න. අවුලක් නෑ. හැබැයි Orders ඉක්මනට එන එක ගැන නම් Sure එකක් නැහැ. මොකද Freelancer වල ඔයාගේ Profile එක 100% Complete උනොත් තමයි Orders දෙන්නෙ. කලින් කිව්වා වගේ මේකෙ යන්නෙ ලොකු ලොකු ගනන් වලට ලොකු ලොකු Projects.

හරි දැන් කියන්නම් Fiverr වල අපි USD 5 ට සේවාවක් දුන්නොත් අපිට හම්බ වෙන්නේ USD 4 යි. අර USD 1 Fiverr තියා  ගන්නවා. මොකද Fiverr මේක නිකං කරන්නේ නැහැ නේ. එයාලත් ආදායමක් බලා පොරොත්තුවෙන් තමයි කරගෙන යන්නේ. මෙහෙම Fiverr ලා ගන්න ගාන අපේ Order එකේ වටිනාකම අනුව වෙනස් වෙනවා. USD 10 ක් නම් එයාල USD 2ක් තියගෙන අපිට දෙන්නේ USD 8 වගේ තමයි.

මේ Post එක එතනින් නවත්වනවා . Fiverr ගැන හමෝටම අදසක් ඇති කියලත් හිතනවා. ඊළග Post එකෙන් බලමු කොහොමද Account එකක් හදා ගන්නේ කියල. ඒ වගේම අපේ FB Page එක Like කරන්න share කරන්න කියලත් කට්ටියගෙන් ඉල්ලා සිටනවා. මොකක් හරි ගැටලුවක් තියනවන්ම් SLTOPGEEK Tag කරල අපේ Forum එකේ Question එකක් දාන්න. මෙන්න අපේ Forum එක www.sltopgeek.com.

අදට ගිහින් එන්නම්.

 

Please follow and like us:

Releated Post

1 thought on “Fiverr සිංහලෙන් – 01 සල්ලි හොයමු ලෙසටම ටක් ටික් ගාල | Learn Fiverr in Sinhala – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *