HTML සිංහලෙන් | HTML In Sinhala

වෙබ් අඩවි නිර්මාණය කිරිම්දී අපි මුලික වශයෙන් භාවිතා කරන Language එකක් තමයි මේ HTML කියල කියන්න. HTML කියන එකේ තේරුම තමයි Hypertext Markup Language.

HTML පටන් ගන්න කලින් Sublime Text කියන Software එක Download කරල Install කරගන්න. මොකද HTML ඉගෙන ගන්න අපිට මේ Sublime text යොදා ගෙන Code කරන එක ඉතා පහසුයි.

****Download Sublime Text Here*****

 

ඔන්නවැඩේ පටන් ගමු.

 

Basic HTML Document

Basic HTML Document එකක් තියෙන්නෙ මෙන්න මේ විදිහට.

 

මේක මෙන්න මෙහෙම සරලව විස්තර කරන්නම්.

  • <!DOCTYPE html> HTML 5 Version එක Use කරන බව
  • <html> root HTML Tag එක.
  • <head> header tags උදා : <title>
  • <body> වෙබ් අඩවියේ Content එක දාන්නෙ මෙන්න මේ body Tag එක ඇතුලෙ

මොන විදිහෙ HTML Document එකක් හැදුවත් අපි මෙන්න මේ HTML Basic Format එක තමයි Use කරන්නෙ. අපිට කරන්න ඕනි වෙනස් කම් අපි කරන්නෙ මෙන්න මේ body tag එක ඇතලේ.

 

අපි ලියන HTML File අපි Save කරන්න ඕනි .html හෝ .htm කියන් extension එකත් එක්ක.  ඒ කියන්නෙ අපි homepage කියල නම දෙනවා නම් අපි document එක Save කරන්න ඕනි hompage.html හෝ homepage.htm යන විදිහට.

ඒ වගේම මේ Tags ගැන කතා කරද්දි හැම Tag එකකම ආකාර 2ක් තියෙනවා.

  1. Opening Tags  – <body>
  2. Closing Tag – </body>

ඒ කියන්නෙ අපි Open කරන හැම Tag එකක්ම අනිවාර්යයෙන් Close කරන්න ඕනි. අපි </> මේ විදිහට Tag Close කරනවා. මේක HTML වල එන නීතියක්.  මෙහෙම Close කරන්න අනිවාර්ය නැති Tags තියෙනවා.  ඒවා ඉස්සරහට කතා කරමු.

 

මෙන්න අදට HTML 1 Post එක ඉවරයි. දෙවෙනි එකෙන් නැවත හමු වෙමු. අපේ පේජ් එකට Like කරන්න අමතක කරන්න එපා.

Please follow and like us:

Releated Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *