Payoneer Card ගැන සිංහලෙන් – 01 |Payoneer Card Sinhala – 01

ලංකාවේ බොහෝ දෙනෙක් අන්තර්ජාලය සමඟ ගනුදෙනු කරමින් අදායම් උපයනවා.  මේ උපයන ආදායම් අපි විවිධ අයුරින් ලංකාවට ගෙන්ව ගන්නවා. මේ අතරින් බහුලව භාවිතා කරන්නේ PayPal කියන Method එක.  ඉතින් මෙන්න මේ PayPal ලංකාවට සම්පූර්ණයෙන් සහය දක්වන්නේ නැහැ. ඒ නිසා අපේ අය වෙනත් රටක නමක් දාගෙන PayPal හදා ගෙන සල්ලි ලංකාවට ගෙන්ව ගන්නවා. මේකෙ පොඩි අවදානමකුත් තියනවා.

හදීසියක්දි PayPal දැන ගත්තොත් අපි හොරට මේ වැඩේ කරන්නේ කියල අපෙ Account එකේ තියන සල්ලිත් එක්කම එයාල මේක Block කරනවා.

ඉතින් අන්තර්ජාලය හරහා විවිධ අදායම් ලබන අයට තම අදායම් විශ්වාසනීයව ගෙන්වා ගැනීමට් තියන හොද පහසු ක්‍රමයක් තමයි මේ Payoneer කියල කියන්නේ.

එහෙනම් බලමු මොක්ද්ද මේ Payoneer කියන්නේ කියල

 

 

What is Payoneer ? මොකද්ද මේ Payoneer කියන්නේ ?

මේක ඇත්තටම අපිට බැංකුවෙන් දෙන Credit Card එහෙම නැත්තම් debit Card එකක් වගේ.   මේකෙදි අපි භාවිත කරන්නේ අපේම සල්ලි. ණයක් එහෙම නෙවෙයි. මේ Card අපිට ලබා දෙන්නෙ Payoneer කියන සමාගම.  මේක මෙයාල ආරම්භ කළේ 2005 වසරේ. මේ වනවිට මිලියන 4 කට අධික සංඛ්‍යාවක් මේ සමාගමේ Register වෙලා ගනුදෙනු කරගෙන යනවා.  ලංකාවෙත් හුඟ දෙනෙක් මේ Card එක Use කරනවා.

මේ Card එකක් Apply කරන්න නම් අපිට අනිවාර්යයෙන් වසය අවුරුදු 18 වඩා වැඩි වෙන්න ඕන. ඒවගේම මේක 100% නිත්‍යානුකූල Card එකක්.  ඕනෑම දේකට වලංගුයි.  මේ Card එකක් ගත්තම ඔයාලට US Bank Account එකකුත් හම්බ වෙනවා. ඒ වගෙම්ම ලංකාවෙ තියන ඕනෑම ATM එකකින් ඔයාලගෙ සල්ලි ගැනීමේ හැකියාවත් තියනවා.

අදට මෙතනින් මේ Post එක ලියන එක නවත්වනවා. Payoneer ගැන 2 වෙනි Post එකෙන් නැවත හමුවෙමු.

Please follow and like us:

Releated Post

2 thoughts on “Payoneer Card ගැන සිංහලෙන් – 01 |Payoneer Card Sinhala – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *