WordPress සිංහලෙන් – 01| WordPress වලින් Website හදමු. | Learn WordPress in Sinhala -01

WordPress කියල ඇහුනම සමහර අය දන්නවා ඇති මොකදද කියල. සමහර අය අහලවත් නැතුව ඇති.  පොදුවේ ගත්තම හුගක් අය කැමති වෙබ් අඩවියක් පවත්වා ගැන යන්න. ඒත් එක්කම ඒ වෙබ් අඩවිය හරහා යම් මුදල් උපයන්නත්.  වෙබ් අඩවි නිර්මාණය පිළිබදව දැනීමක් නොමැති නිසා හුගක් අය ඒ වැඩේ අදහස අත අරිනවා. Cording ගැන දැනුමක් නොමැතිව සාර්ථකව වෙබ් අඩවියක් නිර්මාණය කරන්නෙ කොහොමද කියල තමයි මේ කියන්න හදන්නෙ.  ඒත් එක්කම බොහෝ පිරිසක් blogger Use කරල Blog අඩවි පවත්වා ගෙන යනවා.  Google Blogger වලට වඩා සාර්ථක වඩා වැඩි පහසුකම් සහිත ක්‍රමයක් තමයි මේ WordPress කියන්නෙ.

මොකද්ද මේ WordPress කියන්නෙ.

ඇත්තටම WordPress කියල කියන්නෙ CMS එකක්.  ඒ කියන්නෙ Content Management System එකක්.  දැනට තිබෙන පහසුකම් රාශියකින් සමන්විත ලොව අංක එකේ CMS එක තමයි WordPress.  මේක 100% නොමිලේ ලබදෙන්නක්.  ලෝකයේ බොහෝ දෙනෙක් මේ WordPress භාවිතා කරනවා.

 

WordPress Download & Install And Config

  1. අපි ඉස්සෙල්ලාම WordPress Package එක Download කරගන්න ඕනි. www.wordpress.org කියන වෙබ් අඩවියට යන්න.

 

 

මෙකේ තියෙන Download WordPress Click කරල Zip File එක Download කරගන්න.  ඊට පස්සෙ ඒ Zip File එක Extract කරගන්න. Extract කරගත්තට පස්සෙ Folder එකේ තියෙනෙ WordPress File එකේ නම කැමති නම් වෙනස් කරන්න. නැතතත් අවුලක් නැහැ.

 

2. ඊට පස්සෙ අපිට මේ File එක Run කරන්න Server එකක් ඕනි. අපිට පුලුවන් Wamp or xampp Use කරල අපේ Computer එක Server එකක් විදිහට හරි ගස්ස ගන්න තාවකාලිකව.  ඔයාල Online Web Hosting කරල නම් තියෙන්නෙ මේ File එක ඒකටම Upload කරල online ම වැඩ පටන් ගන්න.

Xampp Download & Install කරන දන්න විදිහ දන්නෙ නැත්තම් මේ Video එක බලන්න.

install කරල ඉවරවෙලා Xampp වල htdocs කියන File එකට අපි අර Extract කරපු File එක දාන්න. ( C:\xampp\htdocs)

 

3.  ඊට පස්සෙ Xampp Control Panel එක Open කරල Apache and Mysql Start කරන්න.

4. පස්සෙ Web Browser එකක් Open කරල Browser Address Bar එකේ localhost කියල Type කරල Enter කළාම මෙන්න මේ වගේ Page එකකට යයි. මේකට අන්තර්ජාල සබදතාව අවශ්‍ය වෙන්නෙ නැහැ.

 

 

 

ඒ page එකේ උඩින් දකුනු පැත්තෙ තියෙනෙ PhpMyAdmin කියන එක Click කරන්න. එතකොට මෙන්න මේ වගේ Page එකකට යයි.

 

 

මේකෙ තියෙන Database කියන තැන Click කරන්න. එතකොට මෙන්න මේ අගේ කොටසක් සමග page එක දර්ශනය වේ.

 

create database කියන තැන oඔයා database එකට දාන්න නමක්.  ඊට පස්සෙ Create Button එක Click කරන්න. ඔන්න database එක හදලා ඉවරයි.

5. දැන් අර අපි xampp/htdocs වලට දාපු folder එක Open කරන්න.

 

 

එකෙ තියෙනවා wp-config-sample කියල PHP File එකක්. අන්න ඒ File එක Notepad එකේ Open කරන්න මොකද අපිට edit කරන්න තියෙනවා පොඩි දේවල් ටිකක්. මේ පහලින් දාන පිංතූරෙන් තියෙන්නෙ ඒ edit කරන්න ඕන ටික තමයි

 

 

/** The name of the database for WordPress */
define(‘DB_NAME’, ‘ABCD‘);  මෙතනට ඔයා හදා ගත්ත database Name එක

/** MySQL database username */
define(‘DB_USER’, ‘root‘);  මෙතනට ඔයා xampp or wamp නම් use කරනේ අනිවාර්යෙන් root කියල දෙන්න.

/** MySQL database password */
define(‘DB_PASSWORD’, ”); මෙතනට ඔයා xampp or wamp  නම් use කරනේ මේවා install කරද්දි password එකක් දුන්නෙ නැත්තම් ඒක free තියන්න මුකුත් ක්=ලියන්න්න එපා.

/** MySQL hostname */
define(‘DB_HOST’, ‘localhost‘);

/** Database Charset to use in creating database tables. */
define(‘DB_CHARSET’, ‘utf8’);

 

 

අනිත් ඒවා eඒ විදිහටම තියන්න.  ඔයා web server එකක නම් Install කරන්නෙ ඉහත තොරොතුරු අනිවාර්යෙන් වෙනස් වෙනවා. ඒවා අදාල වෙබ් Hosting සමාගමෙන් දැන ගන්න.

6. ඊට පස්සෙ ඔයා web browser එකක් Open කරල browser address bar එකේ localhost/filename දෙන්න. filename කියල කියන්නෙ ඔයා අර xampp/htdocs වලට දාපු  folder එකේ නම දෙන්න. උදා විදිහට ABCD කියල නම් Folder එක දැම්මෙ ඒක localhost/ABCD කියල ගහල enter කරන්න.  එතකොට මෙන්න මේ වගේ page එකකට එයි. එකෙ තියන Lets go button එක click කරන්න.

 

 

 

7. එතකොට මෙන්න මේ වගේ Page එකක් එයි.

 

Database Name කියන තැනට අපි හදපු database එකේ නම දෙන්න.

username කියන් තැනට root කියල දෙන්න.  ඔයාල වෙනම username එකක් දුන්න නම් ඒක දෙන්න.

Password කියන තැනට password එක දෙන්න. xampp install කරද්දි password එකක් දුන්නන්ම් ඒක දෙන්න. නැත්තම් මුකුත් නැතුව හිස තියන්න.

ඊට පස්සෙ Submit Button එක Click කරන්න.

8. Submit Button එක Click කළාම මෙන්න මේ වගේ Page එකක් එයි.

 

 

මේ Page එකට ඔයා කැමති තොරතුරු දෙන්න. මේවා පස්සෙ වෙනස් කරගන්න පුළුවන්. Password එකකුත් දෙන්න. ඊට පස්සෙ Install Wodpress Button එක Click කරන්න. කිසිම error එකක් නැත්තම් විනඩියක් ඇතුලත වගේ Sucess කියල මෙන්න මේ වගේ Page එකකට යයි.

 

 

මෙන්න මේ Install කරන විදිහට අදාල Video එක.

 

 

 

ඔන්න සාර්ථකව WordPress Install කරගෙන ඉවරයි. Post එක දිග් වෙන හින්දා WordPress 02 කොටසින් නැවත හමුවෙමු. ඒත් එක්කම මොනා හරි දෙයක් ඉගෙන ගන්නව නම් අපේ website එකෙන් අපේ FB Page එකට Like එකකුත් දාන්න. ඒ වගේම Comment කරන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවනම් www.sltopgeek.com අපේ forum එකේ register වෙලා ගැටලුව අපිට යොමු කරන්න.

 

Please follow and like us:

Releated Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *